Latestදේශීය

අර්ජුන සභාපති කළ යුතුයි – ලක්ෂ්මන් කිරිඇල්ල

‘අර්ජුන රණතුංග නිසා තමයි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් ප්‍රචලිත වුණේ.නමුත් එතුමාට පුලුවන්ද ක්‍රිකට් පාලක සභාවේ සභාපති වෙන්න?මේ ඡන්ද ක්‍රමය අනුව ඔහුට බෑ පාලක සභාවේ සභාපති වෙන්න.අන්න ඒ නිසයි මම කියන්නේ අර්ජුන රණතුංග වගේ කෙනෙක් ක්‍රිකට් පාලක සභාවේ සභාපති වෙන්න පුළුවන් ක්‍රමවේදය හදන්න’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දී ඔහු මෙසේ කියා සිටියේය.

‘අවුරුදු 15කට විතර කලින් ඉන්දියාවේ ක්‍රිකට් තිබ්බේ අද අපේ ක්‍රිකට් තියෙන තත්ත්වයක් වගෙයි.ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය ව්‍යාපාරික කොටස් අල්ලගෙන ඒක පාලනය කළා.ක්‍රිකට් වලට ආදරය කරන අය මොකක්ද කළේ?ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලුම් පත්‍රයක් දැම්මා.දාලා මොකක්ද කිව්වේ ඉන්දියාවේ ජනප්‍රියම ක්‍රීඩාව , ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාපාරික කොටස් අල්ලාගෙන ඉන්නවා කියලා මේකට මොකක් හරි කරන්න කිව්වා.වාසනාවකට ක්‍රිකට්වලට ආදරේ කරන විනිසුරුවරයෙක් තමයි එදා හිටියේ.ඔහු තීරණයක් ගත්තා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරලා විධායක නිලධාරියෙකු පත් කරා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුව.ඔහුට කිව්වා මාස 6ක් ඇතුළත ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරන පාලක මණ්ඩලයක් ඇති කරන්න ක්‍රමවේදය හදන්න කියලා.ඉන්දියාව ඒක කෙරුවා.පනතක් හදලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා ශ්‍රේෂ්ඨාධිකරණ ඒක පිළිගත්තා.මාසයක් ගතවෙන්න කලින් ඡන්දයක් තියලා පාලක මණ්ඩලය පත් කර ගත්තා.එදා ඉඳන් ව්‍යාපාරිකයන්ට අවස්ථාවක් ලැබුණේ නෑ පාලක මණ්ඩලයට එන්න.පසුව ඉන්දියාවේ ක්‍රිකට් වල විශාල පරිවර්තනයක් ඇති වුණා

රොහණ දිසානායක මන්ත්‍රිතුමා ක්‍රීඩා ජාතික සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ගැන කතා කළා.අර්ජුන රණතුංග නිසා තමයි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් ප්‍රචලිත වුණේ.නමුත් එතුමාට පුලුවන්ද ක්‍රිකට් පාලක සභාවේ සභාපති වෙන්න?මේ ඡන්ද ක්‍රමය අනුව ඔහුට බෑ පාලක සභාවේ සභාපති වෙන්න.අන්න ඒ නිසයි මම කියන්නේ අර්ජුන රණතුංග වගේ කෙනෙක් ක්‍රිකට් පාලක සභාවේ සභාපති වෙන්න පුළුවන් ක්‍රමවේදය හදන්න.ඉන්දියාව කළෙත් ඒකයි.අනිත් කාරණේ තමයි අපි දින්නොත් විතරයි ක්‍රිකට් වලට අපිට සල්ලි එන්නේ.96 අපි දින්න නිසා තමයි අපිට සල්ලි එන්න පටන්ගත්තේ.

ඇෆ්ගනිස්තාන තරගය දැක්කම මට කනගාටුවක් ඇති වුණා.ඇයි මැතිව්ස් ඊයේ තරගයට ගත්තෙ නැත්තෙ?මැදපෙළට මැතිව්ස් වගේ කෙනෙක් හිටියා නම් අපිට තරගය දිනන්න තිබ්බා.

ගරු ඇමතිතුමා පල්ලෙකැලේ ක්‍රීඩාංගනය සමග මගේ සම්බන්ධය ඔබතුමා දන්නවද?90 අවසාන භාගයේ ඉයන් හීලී ආවා ලංකාවට.නුවර මැච් එකක් අවසානයේ අමායා හෝටලයේ තිබ්බා රාත්‍රී භෝජන සංග්‍රහයක් . මට එදා කතාවක් කරන්න තිබුණා.මගේ කතාවෙදි මම කිව්වා දැනට අපි ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ කියලා නමුත් හැමදාම මේක කරන්න බැහැ කියලා කිව්වා.ඒ නිසා අපිට අලුත් ක්‍රීඩාංගනයක් අවශ්‍යයි කියලා කිව්වා.එදා ඒ රාත්‍රී භෝජන සංග්‍රහයට b o i සභාපති තිලාන් විජෙසිංහ මහතා ඇවිල්ලා හිටියා.ඔහු මගේ කතාව කතාව අහගෙන ඉදලා පසුවදා මට දුරකථන ඇමතුමක් දීලා කිව්වා පල්ලකැලේන් අක්කර පහළොවක් දෙන්නම් ක්‍රීඩාංගණය හදන්න පටන් ගන්න කියලා.ඒක තමයි පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආරම්භය.

දොලවත්ත මන්ත්‍රිතුමා කිව්වා පළාත් පාලන ආයතන සඳහා තරුණ නියෝජනය අවශ්‍යයි කියලා.ඔබතුමා කිව්වා අප්‍රේල් මාසයේ යෝජනාව ඉදිරිපත් කළා කියලා.නමුත් අපේ මහලේකම්තුමා දුන්න තොරතුරු අනුව ඔබතුමාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඇවිල්ල තියෙන්නෙ නොවැම්බර් මාසේ.මම උදෙත් කිව්වා ඔබතුමාගේ යෝජනාවට සමාන යෝජනාවක් 2022 අප්‍රේල් මාසේ ඉමිටියාස් බාකර් මාකර් මැතිතුමා ඉදිරිපත් කළා.අද උදෑසන මම දෝෂාරෝපණයට ලක් කළේ අප්‍රේල් ගෙනාපු යෝජනාව ඉදිරියට ගත්තෙ නෑ නමුත් නොවැම්බර් මාසේ ගෙනාපු යෝජනාව ඉදිරියට ගත්තා.ඉදිරියට ගත්තා විතරක් නෙවෙයි සම්මත කරලා,නීතිපති දෙපාර්තමේන්තුවත් ගිහිල්ලා,කැබිනට් මණ්ඩලයටත් ගිහිල්ලා.මේක බලවත් අසාධාරණයක්.මොකද ඉමිටියාස් බාකර් මාකර් මැතිතුමා තමයි ඉස්සෙල්ලාම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනාවේ තරුණ නියෝජනයක් කියලා.මේ වගේ ලකුණු දාගන්න වැඩ කරන්න එපා.කච්චේරියේ කරන වැඩමේහේ කරන්න එපා.ඉස්සෙල්ලාම ආපු යෝජනාව ලාච්චුවට දාලා පස්සේ ආපු යෝජනාව ඉස්සරහට අරගෙන.පාරලිමේන්තුව කච්චේරියක් කරන්න එපා’

– Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?