Latestදේශීය

රනිල් බයට සිංදු කියන මිනිහෙක් වගේ – ටිල්වින් සිල්වා

“රනිලුත් හරියට කනත්ත ළඟින් රෑ යනකොට හිතේ බය නැති කරගන්න සින්දු කියන මිනිහෙක් වගේ” යැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ‘මව්බිම’ට පැවසීය.

“රනිල් කරන්නේ නිර්භීතකමේ කතා නොවෙයි, බියට පත්වීමේ කතා” යැයි ද ඔහු කීය.

“රනිල් වික්‍රමසිංහගේ කතා කවුරු ලොකුවට ගත්තත් ජනතා විමුක්ති පෙරමුණ ඒ ගැන කිසි ම තැකීමක් කරන්නේ නෑ. ඔහුට ලැබී තිබෙන නොගැළපෙන බලයෙන් මත් වී ‍දොරටු පාලකයා රජ වුණා වගේ කරමින් තිබෙන විකාර ඇතුළේ ජනතාවට කරන තර්ජනය, මර්දනයට ලැහැස්තියි කියන කතාවට අපි කිසිසේත් ම බය නෑ. පසුගිය කාලයේ ඇති වුණු මහජන නැගිටීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට වෛරයක් තිබෙන බව අපි දන්නවා. ඒ නැගිටීමෙන් ඔවුන්ගේ පන්තියට අභියෝගයක් සිදු වී ඇති බව අපි දන්නවා. ඒ අරගලය කියන්නේ කිසියම් දේශපාලන පක්ෂයක, පුද්ගලයන් කණ්ඩායමක තනි අරගලයක් නොවෙයි.

රනිල් වික්‍රමසිංහ කියන්නේ මීට පස්සේ අරගල කරන්න දෙන්නේ නෑ, අරගලවලින් පාලනය වෙනස් කරන්න දෙන්නේ නෑ, හදිසි නීතිය පාවිච්චි කරලා හමුදාව යොදා මර්දනය කරන බව යි. ජනතාව අරගල කළ යුත්තේ ඔවුන්ව පීඩාවට පත්කළ පීඩකයාගෙන් බලපත්‍ර අරගෙනද ? පීඩකයන් පලවා හැරීමට ලෝකයේ පාරට බැස්ස ජනතාව පීඩකයන්ගෙන් බලපත්‍ර ගත්තේ නෑ. ඒ වගේ ම පීඩකයන් කවදාකවත් ජනතා උද්ඝෝෂණවලට බලපත්‍ර දුන්නෙත් නෑ. ගෝඨාභය රාජපක්ෂත් රනිල් වගේ ම උද්ඝෝෂණ නතර කරන්න විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළා. කුමන පදනමකින් හෝ ගෝඨාභයට ලක්ෂ 69ක් ඡන්දය දීලා, හමුදාවේ නිලධාරියෙක් වී ඉඳලා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙලා හිටියා. ඔහුට උදවු කරන තුනෙන් දෙකක බලයක් තිබුණු ආණ්ඩුවක් තිබුණා. එහෙම නම්, ජනතාව පත් නොකළ රනිල් වික්‍රමසිංහට ජනතා උද්ඝෝෂණ නතර කරන්න කිසිසේත් ම බෑ.”

මව්බිම

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?