Latestදේශීය

ඡන්ද කොට්ටාශයක්වත් දිනන්න බැරි රනිල් අපිව මර්දනය කරන්න හදනවා – නාගානන්ද කොඩිතුවක්කු

ඉන්දීය ධීවරයින් පැමිණ මෙරට ධීවර කර්මාන්තයට සහ උතුරේ ජන ජීවිතයට තර්ජනය වන අයුරින් බලහත්කාරයෙන් ධීවර කටයුතුවල නිරථව සිටින බැවින් ලක්ෂ 3කට පමණ අයුක්තියක් අසාධාරණයක් සිදුවන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසනවා.

මේ තත්ත්වය මත උතුරේ ධීවරයින් තම බෝට්ටු ගිණිතබා විරෝධතාවය දැක්වුවත් ඉන්දීය ධීවරයින් පැමිණ උතුරු මුහුදේ මසුන් මැරීමේ කටයුතු දිගින් දිගටම සිදුකරමින් පවතින බැවින් එයට විරෝධය පෑමට ගාළුමුවදොර  සාමකාමීව උද්ඝෝෂණයක නිරතවූ උතුරේ ධීවරයින්ට සහ තමන්ට ආන්ඩුවේ අනුග්‍රහය ලබන පාතාල කල්ලි මැර ප්‍රහාරයන් එල්ල කළ බව කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පවසනවා.

උතුරේ ධීවරයින්ට තම ජීවිකාව නිදහසේ කරගැනීමට නොහැකි තත්ත්වයක් තුළ රටට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් අහිමි වන බව පවසන කොඩිතුවක්කු මහතා, මුලතිව් සහ යාපනයෙන් පැමිණි ජනතාව සමගින් එක්වී සාමකාමීව සිදුකළ වැඩසටහනට මෙලෙස පහරදෙන්නට ආන්ඩුව මැරයින් යොදවනවා නම් එයට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය හමුවට ගොස් කටයුතු කරන බව නීතිඥ කොඩිතුවක්කු මහතා පවසනවා.

රට හොදටම වැටී ඇති මොහොතක චන්ද කොට්ටාශයක් හෝ දිනාගැනිමට අසමත් රනිල් වික්‍රමසිංහ ගන්නා මෙම අසාර්ථක උත්සාහ හමුවේ තව තවත් එක්සත්ව සහ ශක්තිමත්ව රාජ්‍ය මර්දනයට මුහුණ දෙනවා විනා මෙම තර්ජන හමුවේ කිසිසේත්ම පසුබට නොවන බව ආන්ඩුවට අවධාරණය කරන බව නාගානන්ද කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පවසනවා.

ඊයේ (28) ගාළුමුවදොර පැවති සාමකාමී උද්ඝෝෂණයට විරෝධය පල කරමින් පැමිණි පිරිසක් එම උද්ඝෝෂණය නවතා දැමීමට බල කරමින් පොලිස් නිළධාරින්ට ද පාලනය කළ නොහැකි අයුරින් හැසිරෙමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිස පන්නා දැමීමට කටයුතු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොඩිතුවක්කු මහතා මෙම අදහස් පල කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?