Latestදේශීය

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිඥ රාමලිංගම් රන්ජන් අභියාචනාධිකරණයට

මැයි 09 වනදා ගාළුමුවදොර ගෝඨා ගෝ ගමට සහ මයිනා ගේ ගමට පහර දීමේ සිද්ධියට අදාල සැකකරුවෙක් ලෙස බස්නාහිර පලාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙසට අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් නීතිඥ රාමලිංගම් රංජන් මහතා විසින් අද ඉදිරිපත් කළා. මෙහි  වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කර තිබෙනවා.

මැයි 09 වනදා ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කිරීමට ප්‍රමාණවත් කරුණු පවතින බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ද නිරීක්ෂණය කර තිබියදී දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු වශයෙන් නම්කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන් විසින් කටයුතු කර නොමැති බවත් පෙත්සමේ සදහන් වනවා.

ඒ අනුව ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධියට අදාල නඩුවේ සැකකරුවකු වශයෙන් දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙසට නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත රීට් ආඥාවක් නිකුත් කරන ලෙසටයි පෙත්සම්කාර නීතිඥ රාමලිංගම් රංජන් මහතා අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.

තවද දේශබන්දු තෙන්නකොන් අත්අඩංගුවට ගෙන රදවා තබා වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

මීට අමතරව දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම දැනුවත් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසට ද අදාල පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?