Latestදේශීය

බස් ගැමුණු සහ මෝටිවේෂන් අප්පච්චි කියන්නේ රනිල්ගේ කුක්කෝ – ළහිරු වීරසේකර

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා දිගින් දිගටම අත්අඩංගුවේ තබා ගැනීමේ අනීතික තැතක් පිළිබදව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර මහතා හෙළිදරව් කරනවා.

ඔහු පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ න්‍යායපත්‍රය මත ක්‍රියාත්මක වන දෙදෙනෙකුගේ කට උත්තර මත පදනම්ව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දිගින් දිගටම සිරගත කරන්නට වෙරදරන වසන්ත මුදලිගේ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පුළුල් ජන බලයක් හරහා ආන්ඩුවට දැනෙන්න ප්‍රතිචාර දක්වන බවයි.   

තවද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත එදා මෙදා තුර පැවති සෑම ආන්ඩුවක්ම තම පැවැත්ම වෙනුවෙන් ජනතාව මර්දනය කිරීමට නිර්ලජ්ජිත ලෙස භාවිතා කළ බව පවසන වීරසේකර මහතා උතුරේත් දකුණේත් ජනතාවගේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කළ යුතු බව අවධාරණය කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?