Latestදේශීය

වසන්තගේ ජීවිතටය බරපතල තර්ජනයක් – මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය

මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත අද (21)  ලිපියක් භාර දෙනු ලැබුවා.

එම ලිපිය මගින් ඔවුන් ඉල්ලා සිටියේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ ජීවිත අවධානම සම්බන්ධයෙන් වහා මැදිහත් වී ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් එමෙන්ම අනීතිකව අත්අඩංගුවට පත්කර ඇති වසන්ත මුදලිගේ මහතා නිදහස් කිරීමට අවශ්‍ය මැදිහත්වීම කරන ලෙසත් ය. ‍

දැනට වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින වසන්ත මුදලිගේ මහතාව බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වන බව පවසන එම ව්‍යාපාරය ඒ තුළින් මුදලිගේ මහතාගේ ජීවිතයට බරපතල තර්ජනයක් ඇතිවී තිබෙන බව එම ලිපිය මගින් දන්වා සිටිනවා.

තවද  මේ වන විට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා සිටින සියලුම සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ලෙසත් අනීතිකව රදවා සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට මැදිහත් වන ලෙසත් මෙම ලිපිය මගින් බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය ඉල්ලා සිටියා.

කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කල ලිපිය පහතින්,  

1. බන්ධනාගාර  කොමසාරිස්තුමා,

බන්ධනාගාර දෙපාර්තම්න්තුව,

කොළඹ.

2. බන්ධනාගාර අධිකාරිතුමා,

වැලිකඩ බන්ධනාගාරය,

කොළඹ.

මහත්මයාණෙනි,

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටින වසන්ත මුදලිගේ සහෝදරයා සම්බන්ධවයි

ඔබ හොදින්ම දන්නා පරිදි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහෝදරයා  දේශපාලන හේතූන් මත  මේ වනවිට ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ  ඔබ භාරයේ ඇති කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකරණ නියෝග මත  රදවා තබාගෙන ඇත.

මෙම රදවාතබාගැනීමේ ක්‍රියාවලියට පෙර  දින 90ක් ඔහු ඉතා දුෂ්කර තත්වයන් යටදේ රැදවුම් මධ්‍යස්ථානය ක රදවා තබාගෙන ප්‍රශ්න කරන ලද අතර මේ වනවිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්ව ඇති කරුණු වලට අනුව ඔහු සම්බන්ධදයෙන් ත්‍රස්ථවාදය වැළකීමේ පනත යටතේ ගත හැකි කිසිදු කරුණක් අනවරණය වී නැත.

කරුණු එසේ තිබියදි දේශපාලන අධිකාරිය මෙන්ම ඇතැම් ඉහල පොලිස් නිලධාරීන් කිසිදු සාධාරණ හේතුවකින් තොරව නැවත නැවතත් පලි ගැනීමේ  අරමුණින්  වසන්ත මුදලිගේ සහෝදරයාගේ මානව හිමිකම් උල්ලංඝනය කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ දරුණු චෝදනා සහිත සැකකරුවන් රදවාගෙන සිටින බූස්ස  (රැදවුම් මධ්‍යස්ථානය) බන්ධනාගාරය වෙත මාරුකිරීමේ උත්සාහයක් ඇති බවට කරුණු අනාවරණය වී ඇත. ඒ හරහා වසන්ත මුදලිගේ සහෝදරයාගේ ජීවිතයට යම් හානියක් සිදු කිරීම එම තීරණ වලට සම්බන්ධ පාර්ශව වල අරමුණ බව අපට දැනගන්නට ලැබී ඇත.

.වසන්ත මුදලිගේ සහෝදරයා දැනට අධිකරණ නියෝග මත බන්ධනාගාරය භාරයට පත්කර ඇති අතර ඔහු  රදවා තබාගෙන සිටින ස්ථානය තීරණය කිරීමේ බලය ඇති නිලධාරීන් ලෙස මේ ආකාරයේ අසාධාරණ තීරණ වලට ඉඩ ලබා නොදී වසන්ත මුදලිගේ සහෝදරයාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුල රදවා ගනිමින් සුදුසු ආරක්ෂක වැඩපිළිවෙලක් සකසන මෙන් ඉල්ලා සිටිමු.

තවද අපගේ දැනුම අනුව  ත්‍රස්ථ පනත යටතේ තවත් සැකකරුවන් ගණනාවක් ඔබ  යටතේ ඇති බන්ධනාගාර වල රදවා තබාගෙන සිටින අතර සමහර සැකකරුවන් වෙනුවෙන් අවම තරමේ අධිචෝදනා නැගීමක් වත් සිදු කර නොමැත .මෙවැනි අසාධාරණ රදවා තබාගැනීම් පිළිබදව අධිකරණ සහ අදාල වගකිවයුතු ආයතන වලට දැනුම් දී රටේ පොදු පුරවැසියන් ලෙස ඔවුන්ටද හිමිවිය යුතු නිදහස හිමිකර දීමට මැදිහත් වන මෙන් ඉල්ලා සිටිමු.

මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය

2022/12/21

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?