Latestදේශීය

තුරඟ තරග පිටියේ ඝාතනයට හේතුව

ඊයෙ තුරඟ තරග පිටියේ දී සිදු වූ ඝාතනයට හේතුව පිළිබඳ මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව වාර්තා වන්නේ ඝාතනයට ලක් වූ සිසුවිය වෙනත් පෙම්වතකු හා සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර මේ හේතුවෙන් ඝාතනය සිදුකළ සිසුවා සහ ඝාතනයට ලක්වූ සිසුවිය අතර මතභේදයක් හටහෙන තිබෙන බවයි.

ඊයේ දිනයේදී මෙම දෙදෙනා තුරග තරග පිටියට පැමිණ ඇත්තේ ප්‍රේම සම්බන්ධය නැවැත්වීමේ අරමුණින් බවත් ඉන් අනතුරුව මෙම අවස්ථාවේදී සිසුවා විසින් සිසුවියගේ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර ඇය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබුණා.

මෙසේ මියගොස් තිබුණේ හෝමාගම – කිරිවත්තුඩුව – පුබුදු උයන ප්‍රදේශයේ පදිංචි කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ තුන් වන වසරේ ඉගෙනුම ලබන 24 හැවිරිදි සිසුවියක්.

මෙම ඝාතනය සිදුකළ සිදු කළ සිසුවා ද එම පීඨයේම තුන් වන වසරේ ඉගෙනුම ලබමින් සිටි බවයි වාර්තා වන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?