Uncategorized

ගුවන් නියමුවන් ඉල්ලා අස්වුනත් පඩි වැඩිකරන්න බැහැ – නිමල් සිරිපාල

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් ඉල්ලා අස්වෙන්නේ යයි කියා ලොව ප්‍රධාන ගුවන් සේවාව ගෙවන වැටුප ගෙවීමට හැකියාවක් නැතැයි වරාය හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

කටාර්, එමිරේට්ස් වැනි ගුවන් සේවාවල ගෙවන වැටුප ගෙවීමට ඒ රටවල ශක්තිමත් ආර්ථිකයක් ඇති බවත් පැවසූ ඔහු එසේ නොවන තැනක සිටින ශ්‍රී ලංකාවට එම වැටුප් පරිමාණය ගෙවීමේ හැකියාවක් නැති බවද කියා සිටියේය.

ඒ හේතුවෙන් අලුත් ක්‍රමවේදයක් සාදාගත යුතු බවට වැඩිපුර ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා පියාසර පාසල් ශක්තිමත් කිරීම අවශ්‍ය බවත් හෙතෙම පැවසීය.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?