කොමිසමේ අනුමැතිය වැඩක් නෑ.. දිගටම විදුලිය කපනවා..- CEB
මහජන උපයෝගිතා කොමිසම විදුලි කප්පාදුවට අවසර නොදුන්නත් විදුලි කප්පාදුව දිගටම කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා සඳහන් කරන්නේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව විවිධ විදුලි කප්පාදුව අත්හිටුවීමට හැකියාවක් නොමැති බවයි.
එම කාලයේදී විදුලි කප්පාදුව නොකර සිටීම සදහා ඉන්ධන මිල දී ගැනීමට රුපියල් බිලියන හතරක් ඉක්මවූ මුදලක් අවශ්‍ය බවද සභාපතිවරයා පැවසීය.
විදුලි කප්පාදුව අත්හිටුවන බවට ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයක් සිදු කර නැති බවද පැවසූ ඔහු විදුලි කප්පාදුව දහවල් කාලයේ සිදු නොකළ බවත් රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද සඳහන් කළේය.
ඉන්ධන නොමැතිව විදුලිය සැපයිය නොහැකි බවත් තෙල් සංස්ථාව ඉන්ධන සැපයීමට එකග වූයේ නම් ඉන්ධන සැපයිය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසම ඒ පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුවත් කළ යුතු බවත් හෙතෙම කියා සිටියි.
මානව හිමිකම් කොමිසමේ පැවැති සාකච්ඡාවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගි වුවද එහිදී විදුලි කප්පාදුව නවතන බවට එම නිලදාරින් එකග වී නැති බව ද හෙතෙම තව දුරටත් පැවසීය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

