Latestදේශීය

මෛත‍්‍රීට විවෘත අධිකරණයේදී විනිසුරුගෙන් දැඩි අවවාද

අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් විවෘත අධිකරනයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවවාද කරන ලදී.

ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා ද චූදිතයෙකු ලෙස නම් කර ඇති නඩුවක් සඳහා පෙනී සිටි අවස්ථාවේ විත්ති කූඩුවට නොනැගීම හේතුවෙනි.

පසුව දෙවන වතාවට ද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම අධිකරණයේ අඬ ගසන ලද අතර ඒ සමගම ඔහු විත්ති කූඩුවට නැගීම සිදු කළේය.

පාස්කු දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය වලක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද විත්තිකරුවකු කරමින් මෙම නඩුව ගොනුකර තිබේ.

නඩුව නැවතත් මාර්තු 13 දින කැඳවීමට අධිකරණය නියෝග කර ඇත.

Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?