Latestදේශීය

75 වන නිදහස් සැමරුමට සමගාමීව ප්‍රදර්ශනයක්

75 වන නිදහස් සැමරුමට සමගාමීව කෞතුක භාණ්ඩ හා ලේඛණ ප්‍රදර්ශනයක් පවත්වන බවද එය පෙබරවාරි 4 වනදා ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන අතර 04 සහ 05 යන දෙදින සියලුම ජනතාවට මෙම ප්‍රදර්ශනය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දෙන බවද බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කෞතුක භාණ්ඩ හා ලේඛණ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙම උත්සව භූමීයේදී පැමිණෙන නරඹන්නන්ට සංරක්ෂණය කළ ‌ෙඑතිහාසිකවශයෙන් වැදගත් ලේඛණ පිටපත් කර ලබාදීම සදහා සූදානම් කර ඇතැයිද මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් නිර්මාණය කරන ලද චිත්‍ර, බිතු සිතුවම් සහ මූර්ති මිලදීගැනීම සදහාද අවස්ථාව සලසා ඇතැයි ඔහු පැවසුවේය.

සංස්කෘතික අමාත්‍යංශයේ විවිධ දෙපාර්තමේන්තු මගින් විවිධ විෂයන් අලලා විශාල ග්‍රන්ථ ප්‍රමාණයක්මුද්‍රණය කර ඇතැයිද ඒවා ජනතාව වෙත සහනදායී මිල ගණන් යටතේ ලබාදීමට කටයුතු කරන බවද ලේකම්වරයා අවධාරණය කළේය.

පාසල් අධ්‍යාපනය, සංස්කෘතික වටිනාකම්, ඒ තුළින් අධ්‍යාපනය අධ්‍යාත්මික ලෙස ගොඩනැගෙන්නේ කෙසේද යන්න පිළිබදව අවබෝධයක් ලබාදීම යනාදී සියලු කාරණා මුල් කරගෙන මෙම ප්‍රදර්ශනය පවත්වන බවද අවධාරණය කළේය.

75 වන නිදහස වෙනුවෙන් මෙවර ආගමිකවැඩසටහනේද විශේෂත්වයක් සිදුකර ඇතැයි සිහිපත් කළ ලේකම්වරයා 75 වන නිදහස වෙනුවෙන් සර්ව රාත්‍රික ධර්ම දේශනාව වික්ටෝරියා වේල්ල මත ඉදිකළ විශේෂ මණ්ඩපයක් තුළ සිදුකරන බවද ඊට ප්‍රථමයෙන් ආශිර්වාද ලබාගැනීම සදහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දළදා පූජාවක් පවත්වන බවද සඳහන් කළේය.

ඊට සමගාමීව අනෙකුත් ආගමික වතාවත් සිදුකරන බවද එනම් 03 වනදා කෝණේෂ්වරම් කෝවිලේදීත් 04 වෙනිදා බම්බලපිටිය කදිරේෂ්වරම් කෝවිලේදීත් හින්දු ආගමික වතාවත් සිදුවන බවද සිහිපත් කළේය. 04 වෙනිදා උදූසන 06ට කොළඹ යෝනක වීදිය මහ පල්ලියේදී මුස්ලිම් ආගමික වතාවත්ද සිදුකරන බව පැවසුවේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?