Latestදේශීයමතවාද

සිරගත කළ නොහැකි වූ සහෝදරත්වය

(විදර්ශන කන්නන්ගර)

වසන්ත මුදලිගේ සහෝදරයාගේ ‘නිදහස’ යථාර්තයක් බවට සැබවින්ම පත් කෙරුණේ බහුතර ජනතාවගේ හඩ හා සහනුමැතිය නිසාය. එහිදී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ ප්‍රගතිශීලී නීතිඥ සමූහය, බහුජන සංවිධාන,වෘත්තිය සමිති,සිවිල් හා සමාජ ක්‍රියාකාරීන්,’අරගලයේ’ නියෝජනයන් ඇතුළු සක්‍රීය දේශපාලන ප්‍රජාවට සේම දෙස් විදෙස් මානව අයිතිවාසිකම් පිළිබද සංවිධාන හා නියෝජිතයන් වෙත අපගේ ආචාරය හිමිවිය යුතුය.

ඒ සියලු පංගු පේරුවෙන් තොර මැදිහත් වීම් අතර වසන්තව නිදහස් කරගැනීමේ සටන තුළ දේශපාලනයේ උණුසුම් අනුරාගය දැල්වූ තිදෙනෙකු මගේ මතකයට නැගේ. ඉන් කෙනෙකු වන්නේ නීතිඥ නුවන් බෝපගේ සහෝදරයාය. ඔහු එහිදී සිදුකළ වෙහෙසකර හා අභියෝගාත්මක කැපවීම ගැන අමුතුවෙන් නොදන්නා කෙනෙකු සිටිය නොහැකිය.

අනෙකා වන්නේ සිය නායකත්වය අඩස්සි ගත කර ශිෂ්‍ය ව්‍යාපාරය මත අඛණ්ඩ මර්දනයක් රනිල් රාජපක්ෂය විසින් දියත් කරමින් තිබෙන දුෂ්කර නිමේෂයේදී එහි හදිසි නායකත්වයේ වගකීම සිය උරමතට ගත් අන්තරේ වැඩබලන කැදවුම්කරු ටෙරන්ස් රොද්‍රිගෝ සහෝදරයාය. වසන්ත වෙනුවෙන් නොනිදා සටන් වැදුණු සියලු ශිෂ්‍ය නායකයන් හා ශිෂ්‍ය ප්‍රජාව වෙත හිමිවන සහෝදරාත්මක ආචාරය ටෙරන්ස් වෙතින් සංකේතවත් කෙරෙයි.

තෙවැන්නා ස්ත්‍රියකි. ඇය මරීසා ද සිල්වා නම් වෙයි.ප්‍රසිද්ධ තලයේ ප්‍රකාශමාන නොවෙමින් වසන්තගේ නිදහස වෙනුවෙන් ඇය කළ සංවිධානමය හා සම්බන්ධීකරණ කාර්‍යභාරය දේශපාලනය යනු කෙතරම් උණුසුම් මිනිස් සම්බන්ධයක් ද යන ගැඹුරුතම මානය අපට නැවත සිහිපත් කර දෙන්නක් විය.රැඩිකල් සමාජ වෙනසක අපේක්ෂාව දැල්වෙන්නේ ආදරය හා මිතුදම වෙනුවෙන් වන මිනිස් කැපවීම වෙතින්ය යන පණිවිඩය ඇය සිය ක්‍රියාකාරිත්වය තුළ දරා සිටියාය.ඒ වෙනුවෙන් ඇයට අද ‘සතුට’ නම් වූ මිල කළ නොහැකි ධනය හිමි වී ඇත.

නොනිමි අරගලයට ජය !

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?