කොරියානු රැකියා අවස්ථා 6500 ක්
මේ වසරේ ශ්‍රී ලාංකිකයින් සඳහා කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක් ලැබී තිබෙන බව වාර්තා වේ. කොරියානු රැකියා අපේක්ෂාවෙන් අයැදුම්කරුවන් 14,588 දෙනෙකුට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට අවස්ථාව සලසා දී තිබෙන අතර නිෂ්පාදන අංශය සඳහා 12,189 දෙනෙකුට අවස්ථාව හිමි වී ඇත.
එසේම ධීවර අංශය සඳහා 2149 දෙනෙකුට සහ ඉදිකිරීම් අංශය සඳහා 250 දෙනෙකුට කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට අවස්ථාව හිමිව ඇත.
මේ අතර කොරියානු රැකියා සඳහා විභාගයට අයැදුම්පත් භාර ගැනීම ලබන 13 වැනි දා ආරම්භ වනු ඇති. ලබන 22 වැනි දා දක්වා Online ක්‍රමයට ඒ සඳහා අයැදුම්පත් යොමු කළ හැකියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

