නිල සංචිත වත්කම් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ 2023 ජනවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2,120 ක් බවයි.
2022 දෙසැම්බර් මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 1,898 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 11.7%ක ඉහළ යෑමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙනවා.
මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංචිතය වන විදේශ විනිමය සංචිතය 2023 ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 1,863 සිට ඩොලර් මිලියන 2,064 ක් දක්වා 10.8% කින් වැඩි වී ඇත.
පසුගිය ජනවාරි මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය ද ඩොලර් මිලියන 28 සිට ඩොලර් මිලියන 29 ක් දක්වා 5.7% කින් වැඩිවී තිබෙනවා.
මෙම විදේශ විනිමය සංචිතය තුළ, චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම අන්තර්ගත බවත්, එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් බවත් ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

