ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය IMF වෙත
ජනාධිපති මාධ්‍ය අංශය අද (08) පස්වරුවේ නිවේදනය කළේ ද්වීපාර්ශ්වික ණය හිමියන්ගේ එකතුවක් වන පැරිස් සමාජය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත ලබාදී ඇති බවයි.
ජපානය ඇතුළු පැරිස් සමාජයේ සාමාජිකත්වය දරණ රටවල් මගින් ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයෙන් 34% ලබාදී ඇත.
කෙසේ වෙතත් විශාලතම ද්වීපාර්ශ්වික ණය ප්‍රමාණය ලබාදී ඇත්තේ චීනය හා ඉන්දියාව වන අතර පැරිස් සමාජයට එය ඇතුළත් වී නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මෙම අදාළ මූල්‍ය සහතිකය ඉතා වැදගත් වනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

