Latestවිදේශීය

ඕනෑම අවස්ඵාවක තුර්කියට සහය දෙන්න සූදානම්: ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා

තුර්කිය සහය ඉල්ලන ඕනෑම අවස්ඵාවක හමුදා කණ්ඩායම් පිටත් කර හැරීමට සූදානම් බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.

අමාත්‍යවරයා සදහන් කර  සිටියේ ඉංජිනේරු සහ වෛද්‍ය බලඇණි වල සාමාජිකයන් ඇතුළත්ව 300ක පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සඳහා සූදානම් කර ඇති බවයි.

විපතට පත්  ප්‍රදේශවල පවතින දැඩි ශීත කාලගුණික තත්වය යටතේ වුව ද මේ වන විට ලෝකයේ බොහෝ රටවල් තුර්කිය  සහ සිරියාවේ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ඉරාකය සහ ඉරානය මේ වන විට හදිසි සැපයුම් ද සමගින් සහන කණ්ඩායම් සිරියාව බලා පිටත් කර ඇති බව සහ ජපානයෙන් ද ගලවා ගැනීමේ  මෙහෙයුම් වලට සහාය දීම සඳහා කණ්ඩායමක් තුර්කිය වෙත යවා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාව යාම සහ නවසීලන්තය ද  පීඩාවට පත්ව ඇති පිරිසට සහන සැලසීමට ඉදිරිපත්ව තිබෙනවා.

තුර්කිය භූ කම්පනයෙන් අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාව පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා නොවන බව ද තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරනවා.

මේ වන විට භූ කම්පනය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 3,500 ඉක්මවා ගොස් ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ මරණ සංඛ්‍යාව 8 ගුණයෙන් ඉහළ යා හැකිව තිබෙන බවයි.

තුර්කි වේලාවෙන් ඊයේ අලුයම සිදු වූ මෙම භූමි කම්පනයේ ප්‍රබලත්වය සටහන් වන්නේ රික්ටර් මාපකයේ 7.8 ක් ලෙසයි. නැවතත් පැය දොළහකට පමණ පසු උතුරු දෙසට වන්නට තවත් ප්‍රබල භූ කම්පනයක් ඇති විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?