Latestදේශීය

ආණ්ඩුවේ අරමුණ වෘත්තීයවේදීන් අතර බෙදීමක් ඇති කිරීමයි – GMOA

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මූල්‍ය නොවන සේවාවන් සඳහා බදු අය කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීම හුදෙක් වෘත්තීයවේදීන් අතර බෙදීමක් ඇති කිරීමට රජය ගත් පියවරක් පමණක් බවයි.

 මෙම සංශෝධන හරහා ප්‍රතිලාභ ලබා ගන්නේ  ඉතාමත් සීමිත පිරිසක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ.

මෙම සංශෝධනය හරහා ආණ්ඩුව උත්සහ කරන්නේ වෘත්තීයවේදීන් අතර බෙදීමක් ඇති කිරීමටත්  වෘත්තීයවේදීන් මෙම සටනෙන් ඉවත්විය යුතු බවට ජනතාව තුළ මතයක් ඇති කිරීමටත් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඊයේ (8)රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික රෝහල්වල ද විශේෂඥ වෛද්‍යවරුන්  වෛද්‍යවරුන් , රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන් සහ රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන් ඇතුළු සියලුම වෛද්‍යවරුන් මෙම නව ආදායම් බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම, ඖෂධ හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින්  වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටියා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?