Latestදේශීය

ඩයනා වරදක් කර ඇත්නම්  අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නැහැ: ප්‍රධාන මහෙස්ත්‍රාත්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විවෘත අධිකරණයේදී සඳහන් කර තිබෙනවා.

මහෙස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කර තිබෙන්නේ ඩයනා ගමගේගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත්‍රය සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (09) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

 එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අද (09)  අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?