Latestදේශීය

සනත් නිශාන්තට ‌එරෙහිව චෝදනා පත්‍ර දෙකක් අධිකරණයට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර යන නීතිඥවරු සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ගොනුකර තිබෙන පැමිණිලි තුනක් අද (23) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය අභියාචනාධිකරණයට එම දැනුම්දීම සිදුකළේය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?