Latestදේශීය

ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී  විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (7) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ ණය ප්‍රතිව්‍යුගතකරණයට  අදාළව චීන ආනයනය අපනයන බැංකුව ලබා දුන් ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු කළ බවයි.

IMF සමග සිදු කළ සාකච්ඡාවලදී එහි එකඟතාව ලබා ගැනීම සඳහා  පූර්වගාමීව සිදු කළ යුතු කාර්ය රැසක් ඉටු කිරීමට සිදුවූ බවද ජනාධිපතිවරයා පැවසුවා.

තවද ශ්‍රී ලංකාව පූර්වගාමීව සිදු කළ යුතු කාර්යන් නිම කොට ඇති අතර එහි දී රටේ ජනතාවට විඳින්න සිදු වුණ අපහසුකම් තමන් දන්නා බවද ඒ පිළිඹඳව ආණ්ඩුවක් විදිහට අපි සමාව ඉල්ලා සිටින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම ලද පසු  එය සභාගත කර යෝජනාවක් ගෙනඑන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

බලපෑම් කණ්ඩායම් විසින්, යෝජනා කර ඇති වැඩපිළිවෙළ විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කඩාකප්පල් කළ හොත් ඉන් මතුවන සමාජ විකල්පනය අතිශයින් භායානක වී ඉන්  මෙතෙක් සාමජයේ නොදුටු දුක්බර කාලයක්  මතුවනු ඇතැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිගන්නා අතර  සාමාකාමී රැස්වීම් පැවැත්වීමට පෙළපාලි කිසිම ප්‍රශ්නයක් නොවන බවත්  නමුත් උද්ඝෝෂණ මාර්ගයෙන් කරන කඩාකප්පල් කිරීම් පිළිබඳ මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

තමන් විපක්ෂයෙන් ඉල්ලා සිටියේ, රටේ  ආර්ථිකය ගොඩනැගීම සඳහා එක්වන ලෙස බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?