Latestදේශීය

විදෙස් රැකියාවලට මුවාවී වංචාකල පුද්ගලයන් 24 ක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබා දෙන බවට පවසමින් මුදල් ලබා ගැනීම ඇතුළු නීති විරෝධි කටයුතු වල නිරතවීමේ චෝදනාව මත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය පසුගිය ජනවාරි සහ පෙබරවාරී මාස 2ක තුළ පමණක් පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කල බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

විදේශ සේවා විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිළි පදනම්කර ගෙන 2023 ජනවාරි මාසය තුළ පමණක් පුද්ගලයින් 13 දෙනෙක් ද, පෙබරවාරී මාසයේදී පුද්ගලයින් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

තවද ජනවාරි මාසය තුළ විමර්ශන අංශයට ලැබුනු පැමිණිළි අතරින් පැමිණිළි 53ක් විභාග කිරීම අවසන්කර රුපියල් 3,627,500.00 ක මුදලක් ද පෙබරවාරි මාසය තුළ පැමිණිළි 120ක් විභාග කර අවසන් කර රුපියල් 9,010,000.00 ක මුදලක්ද පැමිණිළිකරුවන් වෙත අයකර දීමට කටයුතු කර ඇත.

ඒ අනුව 2023 වසරේ මුල් මාස දෙක තුළදී පමණක් පැමිණිළි වීභාගකර පැමිණිළිකරුවන් වෙත අයකර දී ඇති මුදල රුපියල් 12,637,500.00 කි.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ නීතිවිරෝධී කටයුතු වැලැක්වීම සඳහා තරාතිරම නොබලා වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කාර්යාංශ නිළධාරීන්ට තදින් උපදෙස් ලබා දී ඇත. විදේශ රැකියා ලබා ගැනිම සඳහා නීති විරෝධි ආයතන වලට සහ අතරමැදී තැරැව්කරුවන්ට මුදල් ලබා නොදෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. එලෙස මුදල් ලබා දී ඇති පුද්ගලයින් සිටි නම් කාර්යාංශයේ විමර්ශන අංශයේ අංක 0112864241 දරණ දුරකථනයට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?