Latestදේශීය

දෙන්න සල්ලි නැහැ

අධිකරණය විසින් නියෝගයක් ලබාදී ඇතත් මැතිවරණයකට ලබාදීමට ආණ්ඩුව කියා වෙන්කල මුදලක් රදවාගෙන නැතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

අයවැය යනු පූර්ව පුරෝකථනයක් පමණක් බවත් එහි බලාපොරොත්තු ආදායම රජයට නොලැබෙන බවත් හෙතෙම කියා සිටී.

දැනට රජයට ලැබෙන සීමිත මුදල් ප්‍රවාහය රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පෙළගැස්මක් යටතේ පමණක් වියදම් කරමින් සිටින බවත් පැවසූ ඔහු එම පෙළගැස්ම වෙනත් කාරණාවකට වෙනස් කළහොත් නැවතත් පෝලිම් යුගයක් ඇති වීමේ අවදානමක් ඇති බවද කියා සිටියේය.

ගුවන් විදුලි නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?