ආන්ඩුවට නැත්තේ සල්ලි නෙමෙයි ඡන්ද – අනුර කුමාර දිසානායක
පළාත් පාලන මැතිවරණට මුදල් නැතැයි ආණ්ඩුව තවදුරටත් පවසන්නේ නම් තම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දීමනාව හරි අඩකින් පරිත්‍යාග කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
පළාත් පාලන ආයතන නියෝජිතයන් අට දහයේ සිට හාරදහස දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බවත් පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් ප්‍රශ්නය බාධාවක් ලෙස පවසන පවසමින්නේ නම් ඊට විසඳුමක් ලෙස මන්ත්‍රී දීමනාව හරි අඩකින් හෝ සියයට 75කින් පරිත්‍යාග කිරීමට සූදානම් බව ද දිසානායක මහතා පැවසීය.
සත්‍ය වශයෙන්ම මන්ත්‍රීවරුන්ට ගෙවන දීමනා වැඩි නම් ඔවුනට ලබා දෙන සියලු දීමනා හරි අඩකින් අඩු කරන්නයි තමන් යෝජනා කරන බවද පැවසූ ඔහු මන්ත්‍රීවරුන්ගේ සියලු දීමනා සියයට 75 කින් කපා හැරීමෙන් ද ආණ්ඩුවට මුදල් ඉතිරි කරගත හැකි බවද කියා සිටියේය.
සත්‍ය කාරණාව නම් ආණ්ඩුවට ඇත්තේ සල්ලි පිළිබඳ ප්‍රශ්නයක් නොව ඡන්ද පිළිබඳ ප්‍රශ්නයක් යයි ද හෙතෙම තවදුරටත් පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

