ශ්‍රීපාදස්ථානයේ වෙළෙඳසැල්වල ආහාර සාම්පල පරීක්ෂාවට ලක්කෙරේ
පාදස්ථානය ආශ්‍රිත වෙළෙඳසැල් විශේෂ පරීක්ෂාවකට ලක්කර ලබාගත් ආහාර සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කළ බව වාර්තාවේ.
ලිස්ටීරියා නැමති රෝගය වැළඳුණු කාන්තාවක් රත්නපුර මහ රෝහලේදී පසුගියදා මියයාමත් සමග මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල විශේෂ අවධානය යොමුවිය.
අපිරිසිදු ආහාර මගින් බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් මෙම රෝගය වැළඳෙන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා.
මෙහිදී රෝගීන්ගෙන් උණ, වමනය, හිසරදය, පාචනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ.
ඒ අනුව ශ්‍රීපාද මාර්ගයේ උඩ මළුව දක්වා මාර්ගවල වෙළෙඳසැල් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට නල්ලතන්නිය හා නුවරඑළිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (17) දිනයේදී කටයුතු කළා.
මෙම රෝගය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බවද සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

