දේශීය

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අවසන්

අද (19) මධ්‍යම රාත්‍රියෙන් පසු පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අවසන්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

පළාත් පාලන ආයතන නීතියට අනුව අද දිනයට පෙර ඡන්ද විමසීමක් පවත්වා නව සභිකයන් පත්කර ගත යුතුව තිබුණි. නමුත් එවැනි ඡන්ද විමසීමක් සිදු  නොවීම හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් වන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මහ නගර සභා 29හි බලය නාගරික කොමසාරිස්වරුන්ට ද, නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275හි බලය එම ආයතනවල ලේකම්වරුන්ට පැවරීමට නියමිත වේ.

මේ අතර ප්‍රමාද වී පිහිටවනු ලැබූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පමණක්  නිල කාලය තවදුරටත් ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *