දේශීය

පසු ගිය පැය කිහිපය තුළ භූ චලන දෙකක්

පසුගිය පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ දෙකක භූ චලන වාර්තා වී තිබේ. ඒ කිරින්ද, පලාටුපාන සහ ගෝමරන්කඩවල, තිඹිරිවැව ප්‍රදේශවලින්ය.

අදාළ භූ චලන මෙරට ස්ථාපිත සියලු භූ චලන මානවල සටහන්ව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ වැඩබලන අධ්‍යක්ෂ, අජිත් ප්‍රේම මහතා සඳහන් කර ඇත.

ඊයේ (18) සවස රික්ටර් පරිමාණයේ ඒකක 2.6ක භූ චලනක් කිරින්ද, පලාටුපාන ප්‍රදේශයේ හා අද (19) උදෑසන ගෝමරන්කඩවල ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ ඒකක 3.00ක භූ චලනක් වාර්තා වී ඇති බවයි අජිත් ප්‍රේම මහතා සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් ඇති වූ භූ චලන සම්බන්ධයෙන්  අනිසි බියක් ඇති කරගත යුතු නොවන බව ද එම මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?