ඇමති ප්‍රසන්න ‘මානව හිමිකම් කොමිෂන් සභාවට’ ලිපි ලියයි
පසුගිය වසරේ මැයි මස 9 වැනිදා අරගලකරුවන් තම නිවස ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ල පිළිබඳව විමර්ශන ප්‍රමාදචිම පිළිබඳව කණස්සල්ල පළ කරමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් යොමුකර තිබෙන බව වාර්තා වේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම ලිපිය මගින් පෙන්වාදී ඇත්තේ නිවස ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ පෙනී සිටිම සඳහා දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙසට තමන් ලිඛිතව අවස්ථා හතරකදී ඉල්ලීම් කළ බවයි.එහෙත් ඒ සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මානව හිමිකම් කොමිෂන් සභාවට සිය කණස්සල්ල පළකර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

