ඉදිරියේදී ඉන්ධන සහන ලබාදෙනවා: බලශක්ති අමාත්‍යවරයා
අප්‍රේල් මාසය වන විට ඉන්ධන මිල සූත්‍රයට අනුව ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බල බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදු වූ අතර අප්‍රේල් මාසයේ දී නැවත මිල සූත්‍රය ක්‍රියාත්මක වන බවයි.
බොරතෙල් මිල අඩු වීම හා සමග රුපියල ශක්තිමත් වීම නිසා ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව අප්‍රේල් මාසයේ සංශෝධනය තුළ ජනතාවට දැනෙන සහනයක් ඉන්ධන වලින් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

