සෞඛ්‍ය ඇමති හා නෙදර්ලන්ත තානාපතිනි අතර හමුවක්
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හාර්බොක් ( Bonnie Horbach) මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර හමුවක් ඊයේ (20) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු විය.සෞඛ්‍ය අමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී මෙම හමුව පැවැත්විණි. මෙහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම මෙරට වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා හා තානාපතිවරිය අතර අදහස් හුවමාරු කර ගැනිණි.විශේෂයෙන්ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුහුණපෑමට සිදුවූ ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය හා එහි වත්මන් තත්ත්වය, එම අභියෝගය ජය ගැනීම සඳහා ගැනුණු හා ගන්නා ක්‍රියාමාර්ග, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් තත්ත්වය ආදී කරුණු රැසක් සාකච්ඡාවට ලක් විය.නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර ඇති මිත්‍රත්වය පදනම් කරගෙන නෙදර්ලන්තයෙන් ශ්‍රී ලංකාවට ලබා දියහැකි සහයෝගය පිළිබඳව තානාපතිවරිය මෙහිදී අමාත්‍ය රඹුක්වැල්ල මහතාට කරුණු පැහැදිළි කළාය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

