Latestදේශීය

ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් නැහැ: ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකම අනුමත කිරිමත් සමග ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යහගත කිරීමේ ශක්තියක් තිබෙන රටක් ලෙස ජාත්‍යන්තර සහතිකය ලැබී ඇත.

 ඒ අනුව තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

 අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙතැන් සිට සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු වන බවයි. ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී මෙරට විදේශ විනිම තත්ත්වය දියුණු වීම සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ ඖෂධ, සංචාරක ක්ෂේත්‍රයට අදාළ භාණ්ඩවල ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

 හෙට පාර්ලිමේන්තුවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් විස්තීරණ ණය පහසුකම සම්බන්ධ පූර්ණ ප්‍රකාශයක් සිදු කරන බවත් ඊට අදාල එකගතා ගිවිසුම සභාගත කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

 මෙම ණය පහසුකම ලබා ගැනීම සඳහා සහාය දුන් රටවල්වලටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන් දෙදෙනාටත් ජනාධිපතිවරයා සිය ස්තූතිය පළකර සිටියා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?