Latestදේශීය

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල්ස් කොටස් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල්ස් සමාගම සතුව ඇති රජයේ කොටස් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ අත්සනින් කොළඹ කොටස් වෙළඳපොළට යැවූ ලිපියේ සඳහන් වන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය හා කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව මෙම පියවර ගන්නා බවයි.

 ශ්‍රී ලංකා ටෙලිකොම්හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50%  ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතිනවා.

 ලංකා හොස්පිට්ල්ස් හි කොටස් ප්‍රාග්ධනයෙන්  51.34%ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවයි.

 මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය මගින් අදාල කොටස් අලෙවිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ඇතැයි එම ලිපියේ සඳහන් වේ.

 සමාගමේ ප්‍රධාන කොටස් හිමියා වන රජයේ කොටස් අලෙවි කිරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව ලංකා හොස්පිට්ල්ස් සමාගමේ ලේකම්වරයා කොටස් වෙළඳපොළට දන්වා තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?