Latestදේශීය

අපි ලැජ්ජා විය යුතුයි – ප්‍රසන්න රණතුංග

අයි.එම්.එෆ් එකෙන් මුදල් ලැබිම ගැන අපි ලැජ්ජ වෙන්න ඕන. අපි ණයක් ගන්නේ නැතුව ස්වශක්තියෙන් නැඟී සිටින්න පුළුවන් ආර්ථිකයක් අපිට නැහැ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එබැවින් අදාළ වාර්තාව සම්බන්ධයෙන් කිසිවකු කළබල විය යුතු නැතැයිද ඔහු සඳහන් කළා. අමාත්‍යවරයා පවසන්නේ අදාළ කමිටුව පත්කරන විට විපක්ෂය කිසිඳු විරෝධයක් පළ නොකළ බවයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළා.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් මෙසේද පැවසුවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ)- ගරු මූලාසනාරූඩ මන්ත්‍රීතුමනි, 2022 දෙසැම්බර් 13 වැනිදා හැන්සාඩ් වාර්තාවේ 1080 කොලම් එක යටතේ මම එදා මේ සභාවට යෝජනා කළා ජනාධිපති, අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනවාර්ගික ගැටළුව විසඳා එක මවකගේ දරුවන් ලෙස් ජීවත්වීම පිළිබඳව සියලුම මන්ත්‍රීවරුන් රැස්වී සාකච්ඡා කිරීමට එකඟවූ අතර ඒ පිළිබඳව සියත රූපවාහිනිය විසින් දෙසැම්බර් 25,26,27 දිනයන්හි විකාශය කරන ලද වැඩසටහන් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව විමර්ෂණය කළ යුතු බව සඳහන් කළා. එහිදී සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට අපි කමිටුවක් පත් කළා. එහි සභාපතිධූරයට නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා පත් කළා. මේ කමිටුව පත්කරන විට විපක්ෂය විරුද්ධවුණේ නැහැ.

එම කමිටු වාර්තාව මගින් කාටවත් දඬුවම් කරන්න කියල නැහැ. මෙතනදි පැහැදිලිවම කියන්නේ එය නීතිපතිවරයාවෙත යොමුකරන්න මිසක් කිසිම මාධ්‍ය ආයතනයක දඬුවම් දෙන්න කියල නෙමෙයි. මෙය නීතිපතිවරයා වෙත යොමුකරන්නේ වරප්‍රසාද කඩවෙලාද නැද්ද කියල හොයල බලල අවශ්‍ය උපදෙස් ලබාගන්නයි. එම මාධ්‍ය ආයතනය මෙතනට ගෙනල්ල අවවාද කරන්න කියල විපක්ෂයේ මන්ත්‍රීවරු කිව්වා. වැරැද්දක් කරල නැත්නම් අවවාද කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා කවුරුවත් මේකට කළබල වෙන්න අවශ්‍ය නැහැ. මාධ්‍යයේ හොඳ හිත දිනාගතයුතු නැහැ. සෑම වෘත්තියකටම වෘත්තීය සමිති තියෙනවා. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම ගැන හොයන්න විදියක් නැහැ.ආණ්ඩුවේ මන්ත්‍රීවරයකුගෙ වරප්‍රසාද කඩවු‍ණාම විපක්ෂය සතුටු වෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ වරප්‍රසාද කඩවුණාම ආණ්ඩුව සතුටු වෙනවා.

ගයන්ත කරුණාතිලක (ස.ජ.බ) – මේ වාර්තාව නීතිපතිවරයාට යොමුකිරීම පමණක් සිදුවන බව ඔබ කියනවා. එහෙමනම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙතත් යැවිය යුතුයි කියල නිර්දේශ කරල තියෙන්නෙ ඇයි ?

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ)- පසුගිය සමයේදී දේශපාලනඥයන්ට ගහපු හැටි අපි දැක්කා. නිවාස අහිමිවුණ මන්ත්‍රීවරුන්ගෙ ආත්මගරුත්වය නැතිවෙන ආකාරයට හොරු යන වචනය භාවිත කරමින් මාධ්‍ය කටයුතු කළා. අතුකෝරළ මන්ත්‍රීතුමා ඝාතනය වුණාම ඔහු සියදිවි නසාගත්ත කිව්වා. නියෝජ්‍ය කතානායකතුමාගේ ආත්මගරුත්වය නැතිවෙන විදියට කතා කළා. මේක දේශපාලනඥයන්ට විතරක් නෙවෙයි, බුද්ධි අංශ නිළධරීන්ට, රාජ්‍ය නිළධාරීන්ටත් වෙනවා. සියළුම මාධ්‍ය ආයතන විතරක් නෙමෙයි, සියළුම මාධ්‍යවේදීනුත් එහෙම නැහැ. හොඳ මාධ්‍යවේදීන් ඉන්නවා.

මීට අවුරුද්දකට කලින් රටක් විදියට අපි මුහුණදීපු අභියෝග අපිට අමතකයි. අපි ගෑස් ටික ගන්න, තෙල් ටික ගන්න පෝලිම්වල හිටියා. නමුත් කංචන විජේසේකර ඇමතිතුමා ජනප්‍රිය තීන්දු ගත්තේ නැහැ. එතුමා කැමැත්තෙන් විදුලි බිල වැඩි කළේ නැහැ. ඉන්ධන මිල වැඩි කළේ නැහැ. පාඩු ලබමින් ඉන්ධන දුන්නා. එහි උපරිම ප්‍රයෝජන ගත්තේ මේ රටේ ධනපති පංතියයි.  අද විපක්ෂයේ සමහර අය කයිය ගහනවා. නමුත් අපි ආරාධනා කරලත් අභියෝග බාරගෙන වැඩකරන්න ඒ අය බය වුණා. විපක්ෂය හැදුවේ රටේ ආර්ථිකය කඩාකප්පල්කරන පසුබිමයි.

අයි.එම්.එෆ් එකෙන් මුදල් ලැබිම ගැන අපි ලැජ්ජ වෙන්න ඕන. අපි ණයක් ගන්නේ නැතුව ස්වශක්තියෙන් නැඟී සිටින්න පුළුවන් ආර්ථිකයක් අපිට නැහැ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් 3 පැත්තකට දාල අනිත් එවුන් වැරදියි කියන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා මැතිණිය බලයට ගේන්න පා ගමන් ගියා. මහින්ද රාජපක්ෂ , යහපාලන ආණ්ඩුව බලයට ගේනන වැඩ කළා. මිනුවන්ගොඩ රෙදි කම්හලේ වැඩ වර්ජනය විසඳන්න මම මැදිහත් වුණාම ජ.වි.පෙ නියෝජිතයො මගෙන ඇහුව්වා මේක විසඳන්න මැදිහත් වුණේ ඇයි කියලා. ඒ අයත් ලැජ්ජ වෙන්න වෙන්න ඕන.

88/89 ජ.වි.පෙ මිනිස්සු මැරුවා. බස්, ඉස්කෝල, තැපැල් කාර්යාල ගිනි තිව්වා. ජ.වි.පෙ ගමේ මිනිහිටයි ගැහැව්වේ. එයාල කොළඹ මිනිස්සුන්ට ගැහුව්වෙ නැහැ. අද විපක්ෂයේ ඉන්න බො‍හෝ මන්ත්‍රීවරුන්ට යහපාලන ආණ්ඩු කාලේ වරප්‍රසාද තිබුණා. අපි ඒ වරප්‍රසාද ඇමතිවරු වෙලත් ගන්නෙ නැහැ. ජනාධිපතිතුමා කොහොම හරි ආර්ථිකය කළමණාකරණය කරගෙන යනවා. මේ ප්‍රතිපාදන ලැබිල රුපියල් ශක්තිමත් වෙනකො‍ට මේ බොහෝ අර්බුදවලට විසඳුම් ලැබෙනවා. 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනවල ජනතාව බළාපොරොත්තු වුන දේවල් ඉටු කරන්න අපි කැපවෙනවා. අපි ජනාධිපතිතුමාට උදවු කරන්නෙ ඒකයි. බදු වැඩි කරන්න අපි කැමති නැහැ. නමුත් තමන්ගේ වැටුපෙන් බදු කැපෙන්නෙ නැති මිනිස්සු පාරට බැහැල උද්ඝෝෂණ කරනවා. ගුරුවරු කී දෙනෙක්ගෙද බදු කැපෙන්නේ. මම බස්නාහිර පළාත් සභාවේ හිටපු අධ්‍යාපන ඇමතිවරයා. වෘත්තීය සමිති වැඩ කරන හැටි අපි දන්නවා. අධ්‍යාපන වෘත්තීය සමිති අද දේශපාලනය කරනවා.

ප්‍රදීප් අනුර කුමාර

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?