Latestදේශීය

දියාගෝ ගාර්ෂියා කදවුරේ ශ්‍රී ලාංකික විරෝධතාව

දියාගෝ ගාෂියානි දූපතේ කඳවුරක වසර එකහමාරක් තිස්සේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් 57 දෙනෙකු ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් පිරිස මුදා හරින ලෙස හෝ සාමාන්‍ය ජනතාව සිටින ප්‍රදේශයකට යවන ලෙස ඉල්ලා සිටිමින් විරෝධතාවයක නියැළී සිටින බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර ප්‍රදේශයට බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු ඒකාබද්ධ කඳවුරක් වන මෙහි මෙම 57 දෙනා ම රඳවා සිටින අතර අදාල කඳවුරෙහි බලදාරීන් ඔවුන්ට කූඩාරමෙන් පිටතට නොයන ලෙස තර්ජනය කර ඇතැයිද වාර්තා වේ. මේ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සියදිවි හානි කර ගැනීමටද උත්සහ දරා ඇති අතර එලෙස උත්සාහා දැරූ 5 දෙනෙකු රුවන්ඩාව වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මොවුන් මෙසේ දූපතේ හිර වී ඇත්තේ, මන්නාරම පේසාලේ සිට හොර රහසේ යාත්‍රාවකින් කැනඩාව බලා ගමන් කරද්දී දින 10 පසු අතරමගදී යාත්‍රාව අනතුරකට පත්ව තිබෙන අතර පසුව ඊට ආසන්නව ඇති දියාගෝ ගාෂියානි දූපතට මොවුන් සේන්දු වී තිබෙන අතර, හි ස්ථාපිත බ්‍රිතාන්‍ය – අමෙරිකා කඳවුරේ නිලධාරීන් යාත්‍රාව අලුත්වැඩියා කිරීමෙන් පසු මොවුන් මුදා හරින ලෙස දැනුම් දී තිබුණ ද දැනට මාස 8ක කාලයක් තිස්සේ මෙම ශ්‍රී ලාංකිකයන් කූඩාරමේ රඳවා සිටින බව කියයි.

කෙසේ වෙතත් වරින් වර සිය ඥාතීන් දුරකත්න ඔස්සේ ඇමතීමට මොවුන්ට ඉඩකඩ ලබා දී තිබූ අතර එම අවස්ථාවකදී මොවුන් විදෙස් මාධ්‍යයකට තමන් මෙම කඳවුරේ රඳවා සිටින බව පවසා තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *