Latestදේශීය

යල කන්නයේ ‌වගාව සදහා ආධාර ගොවින්ගේ ගිණුමට

යල කන්නයේ දී සියලුම ගොවීන්ට වගා කටයුතු සඳහා ආධාර මුදලක් වවුචරයක් වශයෙන් හෝ ගොවි ගිණුම්වලට මුදලක් වශයෙන් බැර කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතිබව කෘෂිකර්ම අමාත්‍ය මහින්දඅ මරවීර මහතා පවසයි.

මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බවත්, එහි දී ජනාධිපතිවරයා එකඟත්වය පළ කරන ලද බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් මෙම මුල්‍ය සහනාධාරය පිරිනැමීමට රජය පියවර ගෙන තිබේ.

අප්‍රේල් මස 02වැනි දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ අභිමුවෙහි පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගෙන් සහල් එක්රැස් කිරීම පසුගියදා (25) ලුනම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ දී සිදු කළ අතර ඊට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත.

මෙවර යල කන්නයේ දී මඩ පොහොර නොමිලයේ ලබා දීමට පියවර ගත් අතර රුපියල් 10,000කට අලෙවි කරන යුරියා පොහොර මිටියක මිල අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි තව දුරටත් අඩු කිරීමට ද රජය තීරණය කර ඇත.

එමෙන්ම මහ කන්නයේ දී රුපියල් 19,500කට අලෙවි කළ බණ්ඩි පොහොර මිටියක් තවත් සැළකිය යුතු මුදලකින් මිල අඩු කිරීමට කටයුතු යොදන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර රජයේ වී මිල දී ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතැම් මාධ්‍යවලට සිදු කළ ප්‍රකාශයන් වී කිලෝවක මිල රුපියල් 100ක් ලෙස රජය උපරිම මිලක් තීරණය කිරීමට බලපෑ බව පැවසීය.

ගොයම් කැපෙන්නටත් පෙර ඇතැම් ගොවි නියෝජිතයන් තම දිස්ත්‍රික්කවල වී කිලෝවක් රුපියල් 55ට හා 60ට අලෙවි වන බව ප්‍රකාශ කර තිබේ.මේ නිසා රජය රුපියල් 100ක් ලෙස තීරණය කළේ ඔවුන් සඳහන් කළ මිලට වඩා උපරිම මිලක් රජය ලබා දිය යුතු නිසා බව ද අමාත්‍යවරයා කියා සිටී.

අලුත් සහල් මංගල්‍යය ලබන 02 වැනි දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

@Media Unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?