දේශීය

පාස්කු ප්‍රහාරයේ පරිච්ඡේදය රනිල් නිමා කරයි

පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණාත්මක සාධකයක් වී තිබූ පුලස්තිනී හෙවත් සාරා ජස්මින් මිය ගොස් ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ඊයේ (29) නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලාත්මක තත්වයක් ඇතිවී තිබේ.

මෙයට පෙර හෙළිවී තිබුණු සියලු කරුණු අනුව අදාළ ප්‍රහාරය දේශපාලන අරමුණකින් සිදුකරන ලද බව තහවුරු වී තිබිණි. 2019 අප්‍රේල් 26 වෙනි දින රොයිටර් පුවත් සේවයට ප්‍රකාශයක් ලබාදුන් ගෝඨාභය රාජපක්ෂ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම පිණිස තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළේය. ඉන් පසුවමෙම ප්‍රහාරයට අදාළ දේශපාලන පසුබිම පිළිබඳව ජනප්‍රිය නොවන සංවාදයක් හටගත් අතර පසුව එම සංවාදය මෙරට දේශපාලනයේ තීරණාත්මක මාතෘකාවක් බවට පත්වී තිබිණි.

පාර්ලිමේන්තුව තුළ ඒ සම්බන්ධයෙන් හඬ නැගූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර ගෝඨාභය රාජපක්ෂගේ රාජ්‍ය ඇමතිවරුන් වශයෙන් තෝරාගනු ලැබීය. ඉන්පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ අතර රනිල් වික්‍රමසිංහගේ අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් ඇමති ධූර දරමින් සිටිති. මෙයට පෙර අවස්ථා දෙකකදී සාරා ජස්මින් මිය ගිය බවට DNA පරීක්ෂණවලින් තහවුරු නොවීය. නමුත් තුන්වන පරීක්ෂණයෙන් එය තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිවේදනයෙන් දක්වා තිබේ.

එම නිවේදන නිකුත් කිරීමෙන් පසුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දක්වා මත පළ කළ විශ්ලේෂකයන් දැඩි් ලෙස ප්‍රශ්න කිරීමට පටන් ගෙන තිබේ. මෙයට පෙර සැක සංකා මතුවුණු සාරා ජස්මින් පිළිබඳව පරිච්ඡේදය නිමා කිරීමට ආරාක්ෂක ඇමති රනිල් වික්‍රමසිංහ යටතේ කටයුතු කෙරෙමින් තිබෙන බව එම විශ්ලේෂකයන් බොහෝ දෙනෙකුගේ මතය වී ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?