Latestදේශීය

කිරි හරක් ජාවාරම යලිත්

දීර්ඝ කාලයක් අවම මට්ටමක පැවති කිරි හරක් සොරකම මේ වනවිට යළිත්වරක් ඉහළගොස් ඇති බව, කෘෂිකර්ම අමාත්‍යාංශයේ පසුගියදා පැවති සාකච්ඡාවකදී පළාත් කෘෂිකර්ම බලධාරීන් අනාවරණය කර තිබේ.

කෘෂිකර්ම බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ විශේෂයෙන් බස්නාහිර පළාතේ ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්කවල මෙම තත්වය ඉහළගොස් ඇති බවත් දිනකට අවම වශයෙන් කිරි ගවයින් 06ක් සොරකම් කරන බවටත් මෙහිදී ඔවුන් පවසා තිබේ.

ගවයින් සොරකම් කිරීම සඳහා නවීන පන්නයේ වාහන යොදා ගන්නා බවටද එහිදී තොරතුරු අනාවරණය වී ඇතැයි ඔවූන් පවසා ඇත.

මෙහිදී අනෙකුත් පළාත් කෘෂිකර්ම බලධාරීන් පවසා ඇත්තේ තම ප්‍රදේශතුළවලද දිනකට කිරි ලීටර් 20ක් හෝ 30ක් ලබා ගන්නා එළදෙනුන් කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සොරකම් කරන බවය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?