Latestදේශීය

දස වසරක ජාතික පෝෂණ ප්‍රතිපත්තිය එළිදැක්වෙයි

රටකට පෝෂණය සම්බන්ධ ප්‍රතිපත්තිය මාර්ගෝපදේශ වැදගත් බවත්, ඊටත් වඩා වැදගත් වන්නේ ප්‍රායෝගිකව ‌මෙය ක්‍රියාත්මක කළ  යුතු බහුපාර්ශවීය ක්‍රියාකාරී  සැළැස්ම බිමි මට්ටමට ගෙන යන ආකාරය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය පවසයි . ශ්‍රී ලංකාවේ දස වසරක ජාතික පෝෂණ ප්‍රතිපත්තිය (2021 -2030) එළිදැක්වීම  අද (03) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වූ අවස්ථාවේ මේ බව සඳහන් කලා .සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශය විසින් ශ්‍රී ලාංකිකයින් සඳහා මෙම “ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021 – 2030” සම්පාදනය කර ඇත.  මෙරට ජාතික පෝෂණ ප්‍රතිපත්තිය ප්‍රථමවරට සකසනු ලැබුවේ 1986 වසරේ දී වන අතර, වරින් වර සංශෝධන කිහිපයක් එයට එක් කර තිබේ. මෙය 2010 වසරේ නිකුත් කල ජාතික පෝෂණ ප්‍රතිපත්තියේ සංශෝධිත පිටපත වන අතර, එය 2020 – 2030 දශකය සඳහා යෝජිත ප්‍රතිපත්ති හා ක්‍රියාමර්ග වලින් මෙය සමන්විතය.

මෙම සංශෝධිත ප්‍රතිපත්තිය, සියලුම බහු ආංශික සහයෝගිතාවයෙන් සහ හවුල්කාරිත්වයෙන් සම්පාදනය කර ඇත.  එහෙත් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ පෝෂණ තත්ත්වය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීමටත්, ආහාර සුරක්ෂිතතාවය සුරැකීමටත්, ආරක්ෂිත ආහාර සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා වූ නීතිමය රාමුව ශක්තිමත් කිරීමටත්, සදාචාර විරෝධී අලෙවිකරණය වැළැක්වීමටත්, හදිසි අවස්ථා වලදී පෝෂණ ප්‍රවර්ධනය ඇතුළුව සෑම අවස්ථාවකදී ම ආරක්‍ෂිත හා සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය පිණිස අත්‍යාවශ්‍ය උපායමාර්ගික සැළැසුම් හා ප්‍රතිපත්ති වලින් සමන්විත වේ.

ජාතික පෝෂණ සභාව, ජාතික පෝෂණ ලේකම් කාර්යාලය, පෝෂණය පිළිබද ව වූ ජාතික මෙහෙයුම් කමිටුව, තාක්ෂණික උපදේශක කමිටුව, අමාත්‍යාංශ මෙහෙයුම් කමිටු, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු වැනි බහු ආංශික සම්බන්ධීකරණ ව්‍යුහයන් මගින් ජාතික, පළාත්, දිස්ත්‍රික්ක හා ප්‍රාදේශිය මට්ටමින් බහු ආංශික පෝෂණ ක්‍රියාකාරී සැළැස්ම ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලැබේ.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා :- වසර 2030 වන විට රටේ පෝෂණ ක්ෂේත්‍රයේ ඇතිවිය හැකි අවධානම් තත්ත්වයන් සදහා පියවර ගත යුතු අත්‍යාවශ්‍ය මොහොතක මෙවැනි පෝෂණ ප්‍රතිපත්තියක් රට පුරා ක්‍රියාත්මක කිරිම ඉතා වැදගත් බව පැවැසීය. එය රටේ අනාගතය වෙනුවෙන් කරනු ලබන ආයෝජනයක් බවත් මෙහිදී කීය. ලොව ඉතා සීමිත රටවල් ප්‍රමාණයක් පමණක් මෙවැනි ආකාරයට මැදිහත්ව ඇති බව ද ඒ අතරට ශ්‍රී ලංකාව එක්වීම රටට ආඩම්බරයක් යැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?