Latestදේශීය

රනිල්ගේ දෑත් ශක්තිමත් කරන ප්‍රසන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සහ සංවිධායකයින් එක්සත් ජාතික පක්ෂයට එක්කර ගැනීමේ කොන්ත්‍රාත්තුව රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රසන්න රණතුංගට බාර දි ඇති බව අනාවරණය වේ.

මේ වනවිටත් 43කට ආසන්න මන්ත්‍රීන් පිරිසක් රනිල් වික්‍රමසිංහ සමග අවබෝදයෙන් කටයුතු කරන අතර ඉදිරියේදී මෙම පිරිස තවත් විශාල වශයෙන් ඉහළ යන බව වාර්තා වේ. මෙම තත්වය හමුවේ බැසිල් රාජපක්ෂගේ සමීපතම ගෝලයෙකු ලෙස ක්‍රියා කළ ප්‍රසන්න රණතුංග ඔහුව අත හැර රනිල් වික්‍රමසිංහ සමග සමීපව කටයුතු කරන පුද්ගලයා බවට පත්ව සිටී.

මේ වනවිට මුල් පෙලේ සමීපතමයන්ගෙන් බැසිල් රාජපක්ෂට ඉතිරිව සිටින්නේ මහාචාර්ය රංජිත් බණ්ඩාර පමණක් වන අතර ඉදිරියේදී පොහොට්ටුවේ නායකත්වයට බැසිල් රාජපක්ෂ පත් කර මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂයා ලෙසද ඔහුව ගෙනඒමට සූදානම් බව මෙම මහාචාර්යවරයා මාධ්‍ය හමුවකදී හෙළි කර තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?