Latestදේශීය

ඉන්ධන හිඟයක් නැහැ: විදුලිබල හා බලශක්ති අමාත්‍ය

ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී සමාගම සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි.

 ඇතැම් ප්‍රදේශවල යම් ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇත්තේ මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් ඇතැම් ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීම හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.

ඉන්ධන අලෙවි නියෝජිතයින් විසින් සියයට 50ක අවම ඉන්ධන තොගයක් සෑමවිටම පවත්වාගෙන යායුතු වේ. ඒ ආකාරයෙන් කටයුතු නොකරන ඉන්ධනහල් සමාලෝචනය කර ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරන  ලෙස ඛනිජ තෙල් සංස්ථාව වෙත තමා දැනුම් දුන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *