Latestදේශීය

භාණ්ඩ රැසක මිල අඩු කිරීමට කටයුතු කරනවා: වෙළෙඳ අමාත්‍ය

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් ඉදිරියේදී ක්ෂේත්‍ර රැසක භාණ්ඩ මිල අඩු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවා.

ඒ මහතා ඔහු මේ බව සඳහන් කළේ අද (01) කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

උද්ධමනය පහළ යෑමේ වාසිය ජනතාවට ලැබිය යුතුබව පවසන අමාත්‍යවරයා ඉහළ යන පොහොර මිල සම්බන්ධයෙන්ද  සාකච්ඡා කර මිල අඩුකිරීමක් හෝ වැඩිවීම නතර කිරීමට අවශ්‍ය තීන්දුව ගන්නා බවද සඳනන් කරනවා.

කුකුළු මස් මිල ඉහළයෑම සම්බන්ධයෙන් ද ඉදිරි දින කිහිපයේදී විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව පවසන අමාත්‍යවරයා යකඩ, ටයිල්, ඇලුමීනියම්, වයර් ආදී සමාගම් කැඳවා සාකච්ඡා කර මිල අඩුකිරීමක් සිදුකිරමින් නැවත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිඹිදීමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනනා බවද පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?