Latestදේශීය

විහාරමහා දේවිය නැව්නැග්ග කොළඹ භූමිය ජාතික උරුමයක් කළ යුතුයි

විහාර මහා දේවිය නැව් නැග්ග කොළඹ භූමි භාගය, ජාතික උරුමයක් ලෙස සුරක්ෂිත කළ යුතු බව, කොළඹ සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

දේශීය – විදේශ සංචාරිකයින්ට, හැදෙන වැඩෙන දූ දරුවන්ට එය උරුම කිරීම අපගේ වගකීමක් බව ඔහු කියා සිටියේය. යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, කොළඹ කාක දූපත වෙරළ උද්‍යාන පරිශ්‍රය, දේශීය හා විදේශීය සංචාරකයින්ගේ නැරඹුම් කලාපයක් බවට පත් කිරීම හා කාක දූපත ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනට පසුගියදා එක්වෙමිනි.

අපේ රාජාවලියේ අවසාන රජු, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දෑතට මාංචු දමා කොළඹ මෙම ඇළ මාර්ගය ඔස්සේ කොළඹ කොටුවට ගෙනවිත් සෙලින්කෝ මන්දිරය අසල ඇති කුටියේ දින කිහිපයක් තබා ලංකාවෙන් පිටුවහල් කළ බවද, 18 නිදහස් කැරැල්ලෙන් පසුව ඇහැළේපොළ නිළමේ රැගෙන ආවේද මෙම ඇළ මර්ගය ඔස්සේ බවද, සීතාවක රාජසිංහ රජුගේ කාලයේ ප්‍රහාරයන් එල්ල කිරීම සඳහාත් එම ස්ථාන භාවිත කළ බවද, ඔහු පැවසිය. මේ ඉතිහාස කරුණු පිළිබඳවද මීට වඩා සැලකිලිමත් වී කොළඹ කාක දූපත අසල ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණ කළ යුතු බවද යාදාමිණි මන්ත්‍රීවරයා කිය.

සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉතාම වැදගත් සාකච්ඡාවක් සිදුවන කාලපරිච්ඡේදයක, සංවර්ධනයට දායක වීමට කොළඹ ප්‍රජාවට හැකියාවක් ඇති බවද කියා සිටි ඔහු, භෞතික සංවර්ධන ඉලක්කයන් පමණක් නොව, මානව සංවර්ධනයද, කතා කළ නොහැකි ගහකොළ – සතුන් ගැනද සංවර්ධන ඉලක්කයන්සකස් කළ යුතු බව සඳහන් කළේය.

කොළඹ මහ නගර සභාව,බේරෙ වැව, මුහුදු තීරය, කැළණි ගඟ, මෙම පාරිසරක සාධකයන් තිබෙන මහ නගර සභාවක් බවත්, වැල්ලවත්ත මුහුදු තීරය දක්වා මුහුදු තීරයක අයිතිකාරත්වයක් තියෙන ලොව ඇති වැදගත් ම මහ නගර සභාවලින් එකක් බවත්, එමනිසා කොළඹ පාරිසරික පද්ධතියට අවශ්‍ය වන අනන්‍ය වූ ලක්ෂණවලට මුහුණ දිය හැකි, ශක්තිය නිර්මාණය කිරීම, කොළඹ ඉංජිනේරු හා පාරිසරික අංශයේ වැදගත් සාධකයන් බවද, කොළඹ සංවර්ධන කමිටු සභාපති පා. ම. යදාමිණි ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

@Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?