Latestදේශීය

ලෝක බැංකු ව්‍යාපෘති යටතේ හිඟවී ඇති ඖෂධ ලබාදීමට පියවර

ප්‍රාථමික රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් පවතින අතර එසේ හිඟවී ඇති අත්‍යවශ්‍ය ඖෂධ ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසනවා.

මාස 3කට සරිලන ලෙස එම ඖෂධ තොග මිලදී ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ඒ මහතා පවසනවා.

වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ මේ වනවිටත් ඊට සමගාමීව ශ්‍රී ලංකාව පුරා ඇති සියලුම දන්ත සායනවලට අවශ්‍ය ඖෂධ ලබාදීම පිළිඹඳවද අවදානය යොමුකර ඇති අතර එම සේවා යථාතත්වයට පත්කිරීමට එමගින් හැකියාව ලැබෙන ඇති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?