Latestදේශීය

ගොවීන්ට සහනයක්

යල කන්නයේ පොහොර මිලදීගැනීම සඳහා නිකුත් කර තිබෙන වවුචර් පත්වල වලංගු කාලය දෙසැම්බර් මස අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ගොවි සංගම් විසින් කළ ඉල්ලීම් සලකාබැලීමෙන් අනතුරුව එම තීරණය ගත් බවයි.

බොහෝ දිස්ත්‍රික්කවල අස්වනු නෙළීම මේ වනවිට ආරම්භවී ඇති අතර  නැවත පොහොර යෙදීමේ අවශ්‍යතාවයක් ගොවි ජනතාවට නොමැති බව කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත.

පොහොර ලබාගැනීම සඳහා දැනට නිකුත් කර ඇති වවුචර්පත්වල වලංගු කාලය මාස දෙකක් තුළ අවසන් වීමට නියමිත  අතර එම කාලය තුළ පොහොර අවශ්‍යතාවයක් නොවන නිසා මෙසේ වවුචර් පත්වල වලංගු කාලය දෙසැම්බර් මස අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ එම වවුචර් පත් යොදාගනිමින් යූරියා හා අනෙකුත් පොහොර මිලදී ගැනීමට ගොවි ජනතාව පෙළඹී ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *