Latestදේශීය

ජුනි 30 කොටස්  වෙළෙඳපොළ නිවාඩු

ජුනි මස 30 වනදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රජය විසින් එළැඹෙන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර අතර මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පුර්ණයෙන් අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට ජූනි 30 වනදා බැංකු නිවාඩු දිනයක් බවට පත්කළ බවය.

ඒ අනුව රජය සහ මුදල් අමාත්‍යාංශය එක්ව මේ මස 30 වන දින බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *