මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදයි
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදට(26) යෙදී තිබෙනවා.
“ඔවුන් සියලු දෙනාම මනුෂ්‍යයෝය” යන්න මෙවර එහි තේමාවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ඔවුන්ගේ සමීක්ෂණවලට අනුව ලොව පුරා අවුරුදු 15 ත්, 64 ත් වයසේ පසුවන පුද්ගලයින් මිලියන 284 ක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බවයි.
එය පෙර දශකයට සාපේක්ෂව 26% ක වැඩිවීමක් බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙනවා.
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර මහතා පවසන්නේ මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් තිබෙන බවයි.
මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර සමාජයක් ගොඩනැඟීමේ වැදගත්කම පිළිබඳවද ඔහු පැහැදිලි කිරීමක් සිදුකළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

