උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (27) සිට ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අද සිට ජූලි මස 6 වැනි දා දක්වා පෙරදිග සංගීතය හා නර්තනය යන විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.
ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලුම ප්‍රවේශ පත්‍ර මේ වනවිට යොමු කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා පවසනවා.
එසේම යම් අපේක්ෂකයෙකුට මේ වනතුරුත් ප්‍රවේශ පත්‍රයක් ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා එම ප්‍රවේශ පත්‍රය බාගත කර ගැනීමේ හැකියාව ද පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
විභාග අපේක්ෂකයන්ට ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව ඇමතීමේ හැකියාව පවතින බවද දෙපාර්තමේන්තුව පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

