දිවයින පුරා පාසල් දෙදහසක් වසා දමයි
දිවයින පුරා පවතින පාසල් වල සිසුන් සියයකට වඩා අඩු සංඛ්‍යාවක් ඉගෙනුම ලබන පාසල් දෙදහසක් වසා දැමීමට ආණ්ඩුව සැලසුමක් සකස් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.
මාධ්‍ය හමුවක් අමතමින් ලේකම් ජෝසප් ස්ටාලින් වැඩි දුරටත් පවසා සිටියේ පාසල් සිසුන් සියයකට අඩු පාසල් තුන්සීයක් පමණ පසුගිය වසර තුනක කාලයේදී වසා දමා ඇති බවයි.
රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කර ඇති පාසැල් ප්‍රතිව්‍යුහගත කිරීමේ නව ව්‍යාපෘතිය මගින් මෙලෙස පාසල් වසා දැමීම සිදුවෙමින් ඇති බවද ලේකම් ජෝසප් ස්ටාලින් මහතා තව දුරටත් සදහන්කර සිටියා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

