පුද්ගලයන් 200ට අධික පිරිසක් හඟුරන්කෙත පොලිස් ස්ථානය වටලයි – වෙඩි ප්‍රහාර 38ක්
පහරදීමකින් පුද්ගලයෙක් මියයාම සම්බන්ධයෙන් ඊට අදාල සැකකරුවන් පිරිස අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් කාත්තා හා පිරිමි පුද්ගලයින් 200කට අධික පිරිසක් ඊයේ (26) දින රාත්‍රියේ හඟුරන්කෙත පොලිස් ස්ථානය වටලා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ එම පිරිස කලහකාරීව හැසිරී පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව පෙරළා පොලීසිය තුළට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවයි.
එම ස්ථානයේ සිටි පිරිසක් විසින් ගල් ප්‍රහාරයක්ද පොලීසිය තුළට එල්ල කර ඇති බවත් රාජකාරි කටයුතුවල නියුතු නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ අවධානය යොමුකර තත්වය පාලනය කිරීම සඳහා ස්ථානාධිපතිවරයාගේ නියෝග පරිදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අහසට වෙඩි ප්‍රහාර 38ක් පමණ එල්ල කර ඇති බවත් පොලිස් මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
එලෙස අහසට වෙඩිතැබීමෙන් පසුව කලහාකාරී පිරිස පොලිස් භූමියට ඇතුළු වීමෙන් වැළකී (හඟුරන්කෙත – මහනුවර) ප්‍රධාන මාර්ගයේ රැඳී සිටිමින් විරෝධය දක්වා විසිර ගොස් තිබෙනවා.
වෙඩි තැබීමෙන් ජීවිත හානි හෝ පුද්ගලයින්ට තුවාලවීම් කිසිවක් සිදුව නැහැ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

