කතානායක පුටුවට මොකද වෙන්නේ?
කෝප් කමිටුවේ රැස්වීම් නැවත දැනුම්දෙනතුරු හදිසියේ නවතා දැමීමට එරෙහිව කථානායක මහින්ද යාපා අබේවර්ධන වැරදිකරුවකු කර විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කෙරෙමින් පවතින බව අනාවරණය වේ.
මෙම සාකච්ඡාවට මුලපුරා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඉහළ අවබෝදයක් ඇති නීතීඥවරුන් පිරිසන් බවත් ඔවුන්ගේ අදහස් අනුව පාර්ලිමේන්තුවේ විශාල මන්ත්‍රීවරු පිරිසක් එම විශ්වාසභංග යෝජනාවට සහායෝගය පල කරනු ඇති බවත් මේ වනවිට හෙළි වේ.
කථානායක කෝප් කමිටුවේ රැස්වීම්වාර අත්හිටුවීම නිසා මාස 03කට වරක් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු එම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නොහැකිවීම පදනම් කර ගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡාව ඇති වී තිබේ. වර්තමාන කෝප් කමිටු සභාපතිගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ දැඩි ප්‍රශ්න මතු වීමත් සමග තාවකාලික සබාපතිවරයෙකු යටතේ එම කමිටුව් විමර්ශන ඉදිරියට ගෙනයාමේ අවස්ථාව තිබියදී රැස්වීම්වාර නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීම අතිශය බරපතල කරුණක් බව හෙළි වී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

