Latestදේශීය

සුරංගනා කතා කිවුවට වැඩක් නැහැ, අවසන් තීන්දුව ගන්නේ ජනතාව – ඉමිතියාස් බාකිර් මාකර්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මුදලේ බලයෙන් සහ ආණ්ඩු බලයෙන් මාධ්‍ය වල  කුමන දුස් ප්‍රවෘත්ති පළ කළත් පාර්ලිමේන්තුවේ දී  සුරංගනා ලෝක මැව්වත් අවසන් තීන්දුව ගන්නේ ජනතාව බව සජබ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජනතාවගේ බුද්ධිය  අවතක්සේරු නොකළ යුතු බව කී බාකීර් මාකර් මහතා  සියලු දේශපාලන නායකයන්ගේ මෙන්ම  දේශපාලන බලවේගවල පැටිකිරිය රටේ ජනතාව දැන් හොඳින් තේරුම්ගෙන තිබෙන බව සඳහන් කළේය.

 කිහිප  විටක්ම සටන් පාඨවලට සුරංගනා ලෝක වලට රැවටී වලේ වැටී ඇති ජනතාව දැන් අවස්ථාව ලැබෙන තෙක් බලාසිටින බව කීය.

 මග හැරිය නොහැකි ප්‍රධාන මැතිවරණයන් ආසන්නයට රට එලඹෙන විට උපාය මාර්ග වෙනස් කරමින් ඡන්ද අයවැයක් ඉදිරිපත් කර තිබෙන බවද බාකීර් මාකර් මහතා සඳහන් කළේය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *